එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි


එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ (14දා) ලබාදී තිබේ. ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් මාත්‍රා 384763ක් ලබාදී තිබේ.

මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත වන අතර එහිදී පළමු මාත්‍රාව ලෙස 338572ක් හා දෙවැනි මාත්‍රාව ලෙස 35410ක් ලබාදී තිබේ.

මීට අමතරව ස්පුටිනික් පළමු මාත්‍රාව 3365කට හා ෆයිසර් පළමු මාත්‍රාව 7416කට ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6462283ක් වෙයි.



Recommended Articles