එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලට ගැනීමට යයි


තවත් සයිනොෆාම් හා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉතා හදිසි අවශ්‍යතාවයක් ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට නියමිතය. ඒ එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 15 බැගිනි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අය සදහා එහි දෙවන මාත්‍රාව ලබා දී සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය අවම ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ප්‍රමාණය ලෙස මාත්‍රා මිලියනයක් මිලට ගැනීමට නියමිතය.



Recommended Articles