එන්නත් එන්නේ මෙහෙමයි


ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් කළේය.

ඒ අනුව ජපානයෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් මේ මස අවසානයට පෙර ලැබීමට නියමිතව තිබේ.

ෆයිසර්  එන්නතේ මාත්‍රා  90,000ක් අනිද්දා (26දා) සඳුදා  මෙරටට ලැබීමට නියමිතව තිබේ.

මෙයට අමතරව  සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ 16ක් ප්‍රදානයක් ලෙස අනිද්දා දිනයේදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.



Recommended Articles