එජාප - සජබ සාකච්ඡාවලින් තිස්ස අත්තනායක ඉවත්වෙයි


පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් එකඟතාවක් නැවත ලබා දෙන තුරු එක්සත් ජාතික පක්ෂය සමග සිදු කරනු ලබන කිසිදු සාකච්ඡාවකට සම්බන්ධ නොවීමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ  කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් අනුව මෙම සාකච්ඡා සිදු කළත්,  පක්ෂයේම පිරිස් මේ පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවත් අද (16දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.



Recommended Articles