එකලස් කළ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයකට ව්‍යාපාරිකයෙක් අල්ලයි


 නිත්‍යානුකුල නොවන ලෙසට මෙරටට ආනයනය කරන ලද බි එම් ඩබ්ලිව්  වර්ගයේ මෝටර් රථයක කොටස්  එකලස් කර වෙනත් වාහනයකට අයත් ලියාපදිංචි අංක තහඩු භාවිතා කර පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම සැකකරුට එරෙහිව සොරා ගන්නා ලද මෝටර් රථයක් සඟවා තැබීම, එකලස් කරන ලද වාහනයක් බව දනිමින්ම භාවිතා කිරීම හා අලෙවි කිරීමට ආධාර අනුබලදීම යන චෝදනාද  වන බව පොලිසිය කියයි.

මෙම වාහනය මෙරටට ආනයන කරන ලද ආකාරය මෙන්ම කොටස්  එකලස් කර නිර්මාණය කරන ලද පුද්ගලයින් සහ මේ සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කර අත්අඩංගුවට ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි  ගම්පහ හංසගිරිපාර පදිංචිකරුවෙකි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි



Recommended Articles