එංගලන්තයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


කටුනායක ටී.කේ.ජී.කපිල

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/24 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් 6/24 දින දහවල් 1.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු , පී.සී.ආර්.පරීක්ෂණ ගුවන් තොටුපළ තුළ දී සිදු කෙරුණි .



Recommended Articles