උසස්පෙළට එන අයට කැමති ප්‍රවාහන මාධ්‍යයකින් පැමිණිය හැකියි


උසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

එසේම ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1812ක් හා වාහන 282ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles