උසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයක් ගත යුතු ක්‍රියාමාර්ගය මෙන්න


2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25දා) ආරම්භ වේ.

විභාල මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වෙන විභාගය සඳහා අයදුම්කරවන් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

එම අයදුම්කරුවන් අතර පාසල් අයදුම්කරුවන් 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් දෙනෙකු අතුලත්ව සිටී.

විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුණු අයදුම්කරවුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර Download කරගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 

 



Recommended Articles