මෙරට උද්ධමනය තවදුරටත් පහළ බැස තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝබර් මාසය සඳහා -0.8% ක් ලෙස වාර්තා වී තිබේ.
2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර 2024 ඔක්තෝබර් මාසයේ දී එය වාර්තා වුයේ1.0% ක් ලෙසය.
එමෙන්ම, 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -3.3% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝබර් මාසයේ දී -1.6%ක් ලෙස වාර්තා විය.