උතුරු පළාතට අපරාධ කොට්ඨාසයක්


ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව කන්කසන්තුරය පොලිස් වසමේ පිහිටි උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියේ ගොඩනැගිල්ලක් තුළ උතුරු පළාත් අපරාධ කොට්ඨාසය ඊයේ (17දා) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කර තිබේ.

ඒ අනුව උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය හා කන්කසන්තුරය යන කොට්ඨාසවලට අයතු පොලිස් වසම් 61ක් ආවරණ්‍ය වන පරිදි සංවිධානාත්මක අපරාධ හා අපරාධ කල්ලි මර්දනය කිරීම මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය අකර්මණ්‍ය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමද මෙම උතුරු පළාත් අපරාධ කොට්ඨාසය ස්ථාපිත කිරීීමේ අරමුණයි.

 



Recommended Articles