උඩරට මැණිකේ, පොඩි මැණිකේ එක තැන


කෝවිඩ්  19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ  කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව  තිබේ.

බදුල්ල - කොළඹ කොටුව අතර දිනපතා ධාවනය වූ උඩරට මැණිකේ , පොඩිමැනිකේ , විශේෂ සීඝ්‍රගාමි දුම්රියන් මෙන්ම රාත්‍රි තැපැල් දුම්රිය මාස පහකට ආසන්න කාලයක් පුරා  ධාවනය නොවී  උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබෙන අයුරු ජායාරූපයෙන් දැක්වේ .

දුම්රිය ධාවනය නොකෙරුණත් දිනපතාම පාහේ උඩරට මැණිකේ , පොඩිමැනිකේ  දුම්රියන් පනගන්වන බවද දුම්රිය බළධාරීන් පැවසූහ.



Recommended Articles