උඩරට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි


උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා දුම්රිය ධාවනය  පෙර පරිදි අද (02) සිට ධාවනය කරනු ලබන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයට උඩුවර ප්‍රදේශයේ දී නායායෑමට ලක් වු විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා  දුම්රිය ධාවනය දින හයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට පැවැතිණි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා වී පැවතිණි.

නායයෑමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර ප්‍රදේශයේ පැවති  අවහිරතා ඉවත් කොට ඇති බවත්, පෙර පරිදි නියමිත කාලසටහනට අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කීය.

ශාන් හුලංනුගේ



Recommended Articles