උගස් මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන සාකච්ඡා ඉදිරියේදී


උගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ලොවපුරා වසංගත තත්ත්වයක් පැතිර යන මෙම අවස්ථාවේ සෑම දෙනාම වගකීමකින් කටයුතු කළ යුතු බව සඳහන් කළ ඒ මහතා මේ පිළිබඳව සෞඛ්‍ය අංශ හා සාකච්ඡා කොට සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

 



Recommended Articles