ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.ඒ අනුව හෝටල් ගෘහපාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් ඊයේ (07) ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
කාර්යාංශය විසින් තෝරාගත් තරුණ තරුණියන් 905 දෙනෙකු ඊශ්‍රායල් හෝටල් ගෘහ පාලන රැකියා සඳහා එරට FIBA ආයතනයට යොමු කර ඇති අතර, ඉන් 855 දෙනෙකු ලොතරැයි ක්‍රමය යටතේ තෝරාගෙන තිබේ.එලෙස තෝරා ගත් 855 දෙනා අතරින් පළමු කණ්ඩායම මෙලෙස පිටත්ව ගිය බව කාර්යාංශය සඳහන් කරයි.මෙම පිරිසට කාන්තාවන් 10 දෙනෙකු ඇතුළත් වේ.
දෙවැනි ලොතරැය ඇදීම සඳහා තවත් 200 ක පිරිසකගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති අතර, ඔවුන් ඉදිරියේ දී තෝරා ගැනීමට නියමිතව ඇත.මේ අතර ඊශ්‍රායල් හෝටල් ගෘහපාලනයට අදාළ පුහුණු ලබන 28 දෙනෙකු ඉතා ඉක්මනින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව සිටි.