ඊයේ හදුනාගත් ආසාදිතයින්ගේ විස්තර


ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් හදුනා ගත් කෝවිඩ් ආසාදිතයින් ගණන 207 දෙනෙකු බව කෝව්ඩි මර්දන ජාතික ක්‍රියාන්විතය සඳහන් කරයි.

ඉන් 202 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රීත කෝවිඩ් පොකුරෙන්ද ,ඉතිරි පුද්ගලයින් පස්දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා ඉන්දියානු ජාතික සිවිල් නාවිකයින් දෙදෙනෙකු ලෙස වාර්තා වෙයි.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ අද වන විට කෝවිඩ් පොකුරේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,034ක් වෙයි.



Recommended Articles