ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්


මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.

ඒම සංිඛ්‍යාව 407 ක් බවයි කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 346 දෙනකු ඊයේ හදුනාගෙන ඇති අතර කොළඹ මහනගර සභා සිමාවෙන් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106ක්.

ඒසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  183ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක්ද හදුනාගෙන තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් හදුනාගත් ආසාදිතයින් 105 දෙනෙකුද ඊයේ හදුනාගෙන ආසාදිතයින් අතර වෙයි.



Recommended Articles