ඊයේ වාර්තා වූ රෝගීන් 10න් 8ක් නාවික හමුදා රණවිරුවන්


කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (10දා) තහවුරු කරගත් රෝගීන් 10 දෙනාගෙන් රෝගීන් 8 දෙනෙක්ම නාවික  හමුදා රණවිරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles