ඊයේ වාර්තා වූ ආසාදිතයන් 48න් 42ක් නාවික හමුදා රණවිරුවන්


ආසාදන සංඛ්‍යාව 1,797 ක් දක්වා ඉහළ ගොස් ඇති හෙයින් බ්‍රහස්පතින්දා (04) COVID-19 ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 48 දෙනාගෙන්  42 ක් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ වෙති. මෙම සියලුම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

ඉතිරි රෝගීන් 6 දෙනා විදේශයන්හි සිටි පැමිණි අය වන අතර  ඉන්දියාවෙන් පැමිණි 3 දෙනෙක්, ඩුබායි සිටපැමිණි අයෙක් සහ බංග්ලාදේශයෙන් පැමිණි දෙදෙනෙක් වශයෙන් එම රෝගීන් 6 දෙනා වාර්තා වෙයි.

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 947 දෙනෙකු මේ වන විට රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර රෝගීන් 839 දෙනෙකු සුවය ලබා නිදහස් කර ඇත. රෝගින් 11ක් මිය ගියේය.



Recommended Articles