ඊයේ දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගත වූ දිනයේ දිස්ත්‍රික්ක 08ක කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (31) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,177 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 27 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් වේ.

සෙසු ආසාදිතයින් 2,150 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 441 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 389 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 158 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 125 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු , මාතලේ දිස්ත්‍රික්කයෙන් 116 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 112 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 100 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 08ක ඊයේ දෛනික ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණි.

 



Recommended Articles