ඊයේ කොවිඩ් එන්නත් ලබා දී නෑ


ඊයේ දිනයේදී ලාංකිකයන් වෙත කොවිඩ් එන්නත් ලබාදීමක් සිදුව නොමැත. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එසේම 10 දා දිනයේදී කොවිඩ් එන්නත් 66ක් හා 09 දා දිනයේදී කොවිඩ් එන්නත් 94ක් ලෙස ලබාදී තිබේ.

මේ වන විට ශ්‍රී ලාංකකියන් 925242ක් වෙත කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීනයෙන් ලබාදුන් සයිනෝෆාම් එන්නත් 2469ක් චීන ජාතිකයන් වෙත ලබාදී තිබේ.



Recommended Articles