ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ


මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (12) දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 225 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,153ක් වේ.

ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 1,568 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 80 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 532ක් හඳුනාගැනුණු අතර කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 141,587ක් ලෙස දැක්වේ.

ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 150ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 135ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 87ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 75ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණි.

මීට අමතරව සෙසු එක් එක් දිස්ත්‍රික්කවලින් 75ක ට අඩු ගණනක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර අඩුම ආසාදිතයින් ගණනක් හඳුනාගෙන ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් (05) බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය සඳහන් කළේය.

 



Recommended Articles