ඊයෙත් වැඩිම ආසාදිතයන් බස්නාහිරින්


ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේද වැඩිම ආසාදිතයන් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. කොළඹ (411), කලුතර (358) හා ගම්පහ (347ක්) ලෙස බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 1896ක් වාර්තා වී තිබේ. එයින් ආසාදිතයන් 06ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. ඉතිරි ආසාදිතයන් 1890 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී තිබේ.

බස්නාහිර පළාත හැරුණුවිට දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 774ක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත කෙටියෙන්

සමස්ත ආසාදිතයන් 123233

සුවය ලැබූ 103097

ප්‍රතිකාර ලබන 19350

ජීවිතක්ෂයට පත්වූ 6

නිරෝධායනය වන 6860

අලුත් අවුරුදු සමයෙන් පසු ආසාදිතයන් 32621



Recommended Articles