ඊයෙත් වැඩිම ආසාදිතයන් බස්නාහිරින්


ශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන්  1891ක් වාර්තා වූ අතර ඉන් 48ක් විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි.

ඉතිරි ආසාදිතයන් 1843 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයන් වෙයි. එම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් පුද්ගලයන් 330ක් හා 297ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.

ඉතිරි ආසාදිතයන් 829 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය

සමස්ත ආසාදිතයන් 111722

සුවය ලැබූ 97242

ප්‍රතිකාර ලබන 13784

ජීවිතක්ෂයට පත්වූ 696

ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන සංඛ්‍යාව 11067



Recommended Articles