ඊටීඑෆ් වැඩිවෙලා ඊපීඑෆ් අඩුවෙලා


සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හරිමින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ පමණක් ලියාපදිංචිව සිටින සේවා යෝජකයන් සංඛ්‍යාව 2024නොවැම්බර් මස 15වැනිදා වනවිට25,610 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ  විගණන අංශය මගින් අනාවරණය කර ඇත. 

මෙම සේවායෝජකයන්  හඳුනාගෙන සේවක අර්ථසාධක අරමුදලට බඳවා ගැනීමේ හැකියාව ඇතත් එම කටයුතු ඉතා මන්දගාමී තත්වයකට  පවතින බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.

2023 වර්ෂය අවසානය වනවිට එසේ  ලියාපදිංචි වී නොමැති සේවා යෝජකයන් සංඛ්‍යාව  29,000 කට ආසන්න  පිරිසක් බවත් ජාතික විගණන කාර්යාලය මගින්  සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ජාතික විගණන කාර්යාලය මගින් එම පරීක්ෂණය 2024 ජූලි මාසයේ දී සිදු කර ඇති අතර එම අවස්ථාවේදී එම සේවායෝජකයන්ගෙන් සේවා නියුක්තියන්ගේ  භාර අරමුදලට  රුපියල් කෝටි 40 කට අධික මුදලක්  බැරවී තිබූ බවද එම විගණන වාර්තාව මගින් අනාවරණය වී ඇත.

මෙම සේවා යෝජකයන් කඩිනමින් සේවක අර්ථ සාධක අරමුදලින් ලියාපදිංචි කිරීමට කටයුතු කර දෙන ලෙස  විගණන කාර්යාලය මගින් කම්කරු  දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

 



Recommended Articles