අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.
ඒ අනුව නව මිල රුපියල් 333කි. පෙට්‍රල් 95 රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වන අතර ලංකා සුදු ඩීසල් රුපියල් 15කින් පහල දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 310කි. එමෙන්ම සුපර් ඩීසල් මිලද රුපියල් 135කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 330කි.