ඉන්ධන මිල ඉහලට


ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 82/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා තිබේ.

මේ අනුව ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල්  420ක් දක්වාත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක් දක්වාත් ඉහල ගොස් තිබේ. 

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන වෙයි. සුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.



Recommended Articles