ඉන්ධන මිල අඩු වැඩි වෙයි


අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 15කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 318ක් වන අතර ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල 385කි.

මේ අතර සුපිරි ඩීසල් මිල පමණක්  සංශෝධනය වී ඇති අතර එහිදී ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 හි  මිල රුපියල් 10කින් ඉහල දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 340කි.

ලංකා භූමිතෙල් මිලද සංශෝදනව වී ඇති අතර එහිදි භූමිතෙල් (ලංකා) රුපියල් 50කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 245ක් ලෙසත් ලංකා කාර්මික භූමිතෙල් මිල රුපියල් 60කින් අඩු කිරීමටද පියවර ගෙන තිබෙන අතර එහි නව මිල රුපියල් 270ක් ලෙසත් සංශෝධනය කර තිබේ.



Recommended Articles