ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර 12/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත , අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි.
ඔවුන් 12/17 දින රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 12/15 දින සිය ඉන්දීය සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ගියේය.