ඉන්දීය ජාතිකයන් 151ක් දිවයිනට


විදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම නාවිකයන් අතරින් 11 දෙනෙකු කටාර් රාජ්‍යයේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා දෝහා වෙත කටුනායක සිට වෙනත් ගුවන් යානයකින් 6/22 දින රාත්‍රී පිටත්ව යන තෙක් , ඔවුන් කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටිති.

ඉතිරි නාවිකයන් 140 දෙනා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා රට තුළට පිවිසීමට නියමිතය.

මෙම ඉන්දීය ජාතික නාවිකයන් 140 දෙනා , කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.



Recommended Articles