තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 04/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එතුමා ඉන්දීය රජයට අයත් " ඉන්දියා - 01 " ( India - 01 ) දරන විශේෂ ගුවන් යානය , තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 04/04 දින රාත්‍රී 08.33 ට පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය බෝයිං - 777 වර්ගයේ ගුවන් යානයකි .
මෙම ගුවන් යානය තුළ , ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සහභාගී වීම සදහා ඉන්දීය දූත පිරිස ලෙස 60 දෙනෙකු පැමිණෙමින් සිටිති . ඔවුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ද සිටීම විශේෂත්වයකි .
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා සංචාරය සදහා සහභාගී වීම සදහා පැමිණ තිබුණි .
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටින අතර , මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා , මෙම උත්සවය එම මැදිරිය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ .