ඉන්දියාවේ හා කටාර් සිට ලාංකික පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය  ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්  7/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය .

ඉන්දීය සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන්  යානය 7/08 දින උදෑසන 8.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මීට අමතරව 7/08 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .


Recommended Articles