ඉන්දියාවේ සිට නාවිකයන් පිරිසක් කටුනායකට


කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය සඳහා නාවිකයන් 45 දෙනෙකු ඊයේ (13දා) දහවල් ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණ තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපළේ සිට දහවල් 12.25 ට මෙම නාවිකයන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම නාවිකයන් සියලු දෙනාම විදේශිකයන් වේ. ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීම සඳහා කොළඹ ලංකා හොස්පිටල් ආයතනයේ කාර්යය මණ්ඩලයේ පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.



Recommended Articles