ඉන්දියාවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ගේන්න ආණ්ඩුව එකඟද? නැද්ද?


ඉන්දියාවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ගෙන ඒම ගැන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා පැවසීය.

කොළඹ අද(22දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

“පසුගියදා ඉන්දීයාවට ගිය ජනාධිපතිවරයා​ගේ කරුණු පිළිබඳව සංචාරක ඇමති කියනවා අපි සාකච්ඡා කළා විතරයි, අපි ගිවිසුම් අත්සන් කළේ නෑ කියලා. ඒත් සාකච්ඡා කළේ මොනවද? එට්කා ගෙන්න, අධිබලැති විදුලි රැහැන් පද්දතියක් ගේන්න, බලශක්තිය ඉන්දියාවට දෙන්න තමයි මේ සාකච්ඡා කළේ. ඒත් රට තුළ යම් උද්ඝෝෂණයක් ඇති වෙනකොට දැන් සංචාරක ඇමති කියන්නේ සාකච්ඡා කළා විතරයි, අත්සන් කළේ නෑ කියනවා. අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ගේන්න එකඟද? නැද්ද? මේවා පිළිබඳ ප්‍රකාශයක් කරන්න. ”



Recommended Articles