ඉන්දියාව හා ශ්‍රි ලංකාව යා කරන තෙල් නළය ඉදි කිරිමට එකඟවිමක් වූයේ නෑ


ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරිමට යෝජිත තෙල් නළ මාර්ගය ඉදිකිරිම සම්බන්ධයෙන් අවසන් තිරණයකට ජනපතිවරයාගේ ඉන්දිය සංචාරයේදි නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

ජනපතිවරයාගේ ඉන්දිය සංචාරය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසියට.

ඉන්දියාව හා ශ්‍රි ලංකාව යා කරන තෙල් නළයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේද සහාය ඇතිව ඉදි කිරීම පිළිබඳව වූ යෝජනාවක් සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පමණක් අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදි එකඟ වූ බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසිය. 



Recommended Articles