හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං වයස අවුරුදු 92 දී අභාවප්‍රාප්ත විය.
සිං ඉන්දියාව දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන්දියාවේ ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතමයා ලෙස සැලකෙයි. ඔහු ඒරට මහ බැංකු අධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ඔහු දිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂයට පත්ව තිබේ.
ජවහර්ලාල් නේරුගෙන් පසු පූර්ණ පළමු ධුර කාලයෙන් පසු නැවත තේරී පත් වූ පළමු ඉන්දීය නායකයා සිං වන අතර රටේ ඉහළම තනතුර දැරූ පළමු සික් ජාතිකයා විය. සීක් ජාතිකයන් 3000ක් පමණ ඝාතනය කළ 1984 කැරැල්ල සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
නමුත් ඔහුගේ දෙවන ධුර කාලය ඔහුගේ පරිපාලනයට බාධා කළ දූෂණ චෝදනා වැලකින් විනාශ විය. 2014 මහ මැතිවරණයේදී ඔහුගේ කොංග්රස් පක්ෂය ලැබූ දරුණු පරාජයට මෙම අපකීර්තිය අර්ධ වශයෙන් වගකිව යුතු බව බොහෝ දෙනා පවසති.
සිං උපත ලැබුවේ 1932 සැප්තැම්බර් 26 වන දින පන්ජාබ් පළාතේ ජලය සහ විදුලිය යන දෙකම නොමැති පාළු ගම්මානයක ය.
පන්ජාබ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා පසුව ඔක්ස්ෆර්ඩ් හි DPhil උපාධියක් ලබා ගත්තේය.