ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි


වැඩි දුරක් හා වැඩි බරක් ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 10ක පමණ හිඟයක් ශ්‍රි ලංකා දුම්රිය සේවයට පවතින බවත් ඒ අනුව ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබෙන දුම්රිය එන්ජින් පරිත්‍යාගය ශ්‍රි ලංකාවට ඉතා වටිනා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන M10 දුම්රිය එන්ජින් වලට සමාන හා ඊට පසුව නිෂ්පාදනය කරන ලද ඉන්දිය දුම්රිය 22ක් පමණ ශ්‍රි ලංකාවට නොමිලයේ ලබාදිමට ඉන්දියාව එකඟ වී තිබේ.

මෙම දුම්රිය එන්ජින් ලබා ගැනිමට පසුගිය කැබිනට් මණ්ඩලයේද එකඟතාව හිමිවිය. කෙසේ වෙතත් මෙම දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පළවන බව පෙනි යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හා සමාන දුම්රිය එන්ජින් වසර 12ක පමණ කාලයක සිට ශ්‍රි ලංකාව භාවිතයට ගන්නා බවත් ඒවා හරහා වැඩි දුරක් හා වැඩි බරක් යොදවා ධාවනය කළ හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ වර්ගයේ දුම්රිය එන්ජින් 9ක් පමණ දුම්රිය දෙපාර්තමේන්තුව සතු බවත් ඒවා නඩත්තු කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලයට හැකියාව පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

ඉන්දියාව සිය දුම්රිය සේවය විද්‍යුත්කරණයට ලක්කරන බැවින් ඔවුන් මෙසේ ඩිසල් භාවිතයෙන් ධාවනය කරන දුම්රිය එන්ජින් ඉවත් කරමින් පවතී. 



Recommended Articles