ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 04දා දිවයිනට පැමිණෙන බව රජය ප්‍රකාශ කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැදි සිටින කාලය තුළදි ජනපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමසුරිය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්විමට නියමිතය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයේ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනිමටද සැලසුම් කර ඇති අතර ඉන්දීය ආයෝජන යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරිමටත් නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරිමටද නියමිතය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රි ලංකා සංචාරය තුළදි ද්විපාර්ශ්විය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රි ලංකා සංචාරය සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා, ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශකවරයා හා විදේශ කටයුතු ලේකම් ඇතුවව එරට ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් මෙම සංචාරයට එක්විමට නියමිතය.