ඉදිරියේදි එන්නත්කරණය සිමා කරන්න සිදු වේවි


ඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිරියේදි නිවෙස් ආසන්නයටම ගොස් එන්නත් ලබාදිමට වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක පමණක් එන්නත් ලබාදිමට සිදුවනු ඇති බවය.



Recommended Articles