ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත සංචාරකයන් පිරිසක් ලංකාවට


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

 24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතය .

ඔවුන් පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව 11/05 දින උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ , හබරණ , මහනුවර , සීගිරිය දඹුල්ල , බෙන්තොට , ඇල්ල සහ යාළ යන ප්‍රදේශ වල සංචාරයෙහි නියැළීමට සැළසුම් කර තිබේ .



Recommended Articles