ඉතාලියේ දින 102ට PCR පරීක්ෂණ ලක්ෂ 40


ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ (04දා)  දිනය දක්වා දින 102 ක් තුළ  කොවිඩ් ආසාධිතයන් හඳුනා ගැනිමේ PCR පරික්ෂණ 4,049,544 ක් සිදු කර ආසාධිතයන් 234,013 ක් හදුනාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි. ඊයේ දිනයේදි  නව ආසාධිතයන් 177 ක් වාර්තා වනවිට මරණ 88 ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනය වන විට ඉතාලියේ සක්‍රීය කොවිඩ් රෝගීන් 38,429 ක් හා සුවය ලැබු රෝගීන්  161,895 ක් ලෙස වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ  බ්‍රේෂියා නගරයේ සිට



Recommended Articles