ඉතාලි හා රුමෙනියා රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි


ඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් විශාල පිරිසකගෙන් මුදල් වංචාකරනලද  ලද හම්බන්තොට සමරකොන්වැව  ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකු සල්ලි ලබාදුන් පිරිසකගේද මැදිහත්වීමෙන්  හම්බන්තොට මුලස්ථාන පොලිසිය විසින් පසුගිය 08 වනදා සවස අත්අඩංගුවට  ගෙන තිබේ.

 විදේශ රැකියා ලබාගැනීම සඳහා  අදාල සැකකරු හට මුදල් ලබාදුන් හම්බන්තොට, වීරකැටිය, හුංගම, අම්බලන්තොට, සූරියවැව, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශයන්හි පදිංචි  08 දෙනෙකු පමණ හම්බන්තොට මූලස්ථාන පොලිසියට පසුගිය 08 වනදා වන විට පැමිණිලි කර තිබෙන බවයි පොලිසිය පවසා සිටියේ.

කෙසේ නමුත් මුදල් ලබාදුන් පිරිස සඳහන් කරන්නේ  දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් විශාල පිරිසකගෙන් අදාළ සැකකරු රට රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බවයි.

ජාවාරම්කරු විසින් විවිධ නම්වලින් පෙනී සිටිමින් ඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් එක්  අයෙකුගෙන් රුපියල් පනස් දහසේ සිට විවිධ ප්‍රමානයන්හි  මුදල් ලාබගනිමින් ටික දිනකින් ඔවුන්ගේ දුරකථන අංක බ්ලොක් කිරීමට කටයුතු කර ඇතිබව මුදල් ලබාදුන් පිරිස පවසා සිටිනවා , ඒ ආකාරයෙන් මස 09ක පමණ සිට අද දක්වා ඔහු විසින් එම ජාවාරම කර හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ තම බිරිද හා දරුවන් තිදෙනා  සමඟ සැඟව  සිටියදී මුදල් ලබාදුන් පිරිසක් පොලිසිය සමඟ ගොස්  මෙලෙස  ඔහුව අල්ලා  ගෙන තිබේ. එමෙන්ම අදාල සැකකරු දේපල සොරකමක් සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තු වී සිටි පුද්ගලයෙකුද වන බව පොලිසිය පවසා සිටියේය.

මේ වනවිටත් ඔහුට මුදල් ලබාදුන් පිරිස හම්බන්තොට පොලිසිය වෙත පැමිණිලි කිරීමට පැමිණෙන අතර ඒ ආකාරයෙන් මුදල් ලබාදුන් අය සිටිනම් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිලි කරන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.



Recommended Articles