ඉඩම් හා පොලිස් බලතල දෙන්නේ නෑ


13 වැනි සංශෝධනයේ පවතින ඉඩම් හා පොලිස් බලතල තමන් ලබා නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දුන්නේ දහතුන්වැනි සංශෝධනය ජාතිවාදී ලෙසට ඇතැමුන් හැඳින්වීමට උත්සාහ දරන නමුත් එය එසේ නොවන බවයි.

අලුත්ගම බස් නැවතුම්පොළ භූමියේදී පැවති ජන රැලියක් අමතමින් මේ බව ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ගෝලීය ප්‍රවාහන ක්ෂේත්‍රයට සේවා සපයන ස්ථානයක්. මැණික් කර්මාන්තය සඳහා සරල බදු ප්‍රතිපත්තියක් වගේම සරල ක්‍රමවේද හඳුන්වා දෙමින් මැණික් කර්මාන්තය තුළ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරනවා.

ජනතා සේවය පහසු කරන්න නම් අනිවාර්යෙන් රාජ්‍ය සේවය රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය පාලනය ඩිජිටල්කරණයට පරිවර්තනය විය යුතුයි. තරුණ ප්‍රජාව නියෝජනය කරන නායකයෙක් විදිහට අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවාව ඩිජිටල්කරණයට පරිවර්තනය කරලා ඒ තුළ ජනතාවට පහසු රාජ්‍ය සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරනවා.

13වෙනි සංශෝධනයේ ඇති ඉඩම් පොලිස් බලතල මම දෙන්නේ නැහැ. 13 ජාතිවාදී කියලා හඳුන්වන්නේ උත්සාහ කරනවා. නමුත් 13 කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක්. ජාතිවාදයක් නෙවෙයි.

අපි ප්‍රතිපත්ති සකස් කරන්නේ වෙන රටක් හෝ තානාපති කාර්යාලයක් සතුටු කරන්න නෙවෙයි රටේ සමස්ත ජනතාවටයි” යනුවෙන්ද පවසා සිටියේය.

 



Recommended Articles