ඇස්ට්‍රාසෙනිකා දෙවැන්න දෙන්න තවත් තැනක්


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව  ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

පොලිස් ක්‍රීඩාංගණය අසල මෙම මූලස්ථානය පිහිටා තිබේ. එන්නත් කාඩ්පත හා ජාතික හැදුනුම්පත හෝ ඒ බව සනාථ කිරීමට වෙනත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව තිබේ.



Recommended Articles