ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව හෙට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20ක දී


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට  බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ජපානයේ සිට රැගෙන ආ මෙම එන්නත් තොගය භාර ගනිමින් 07/31 දින සවස  කටුනායක ගුවන් තොටුපළේ දී පැවසුවාය .

මෙම එන්නත්කරණ වැඩසටහන 08/01 දින සිට දින 08 ක් බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කාර්යාල හෝ එම කොට්ඨාස තුළ පිහිටි ප්‍රධාන රෝහල් වල උදෑසන සිට රාත්‍රී වනතුරු  සිදු කරන අතර , කළබල නොමැතිව මෙම ස්ථාන වලට පැමිණ එන්නත ලබා ගන්නා ලෙසද ඉල්ලීමක් ද කළාය .

ඉන්දියාවෙන් මෙම එන්නත් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම සදහා ඇනවුම් කළ ද , ඉන්දියාවේ මතු වූ බරපතළ ව්‍යසනකාරී තත්වය නිසා එම එන්නත් ලබා ගැනීමට අපහසු වූ බව ද එතුමිය  පැවසුවාය .

මෙසේ මෙම එන්නත් බස්නාහිර පළාත තුළ  ලබා දීමෙන් පසුව , ඉතිරි වන එන්නත් මාත්‍රා ප්‍රමාණය , ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් 07/31 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

කොළඹ දිස්ත්‍රික්කය -

මොරටුව රෝහල - අතුරුගිරිය රෝහල - නවගමුව රෝහල - පිළියන්දල රෝහල - අවිස්සාවේල්ල රෝහල - හෝමාගම රෝහල - කොස්ගම (සාලාව) රෝහල - තලංගම රෝහල - පාදුක්ක රෝහල - අංගොඩ රෝහල - මුල්ලේරියාව රෝහල - කළුබෝවිල රෝහල - බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - විහාරමහාදේවී උද්‍යානය - දියත උයන - යුද හමුදා රෝහල නාරාහේන්පිට - වේරහැර හමුදා කඳවුර - පනාගොඩ බෝධිරාජාරාමය * කොළඹ මහනගර සභා සීමාව - බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව - පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය - සුගතදාස ක්‍රීඩාංගණය

 ගම්පහ දිස්ත්‍රික්කය -

වතුපිටිවල රෝහල - බියගම රෝහල - දිවුලපිටිය රෝහල - දොම්පේ රෝහල සහ රදාවාන රෝහල - ගම්පහ රෝහල - ජාඇළ රෝහල - මීගමුව රෝහල - කිරිබත්ගොඩ රෝහල - උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල - මිනුවන්ගොඩ රෝහල - මීරිගම රෝහල - රාගම රෝහල - විජය කුමාරතුංග රෝහල - පමුණුගම රෝහල - අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මාරිස්ටලා විදුහල මීගමුව - කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත) - ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කය

- අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පිඹුර ප්‍රාථමික පාසල - තලගල මංගලාරම විහාරස්ථානය - මහාමායා විද්‍යාලය - සණස කාර්යාලය බෝපිටිය

 

 



Recommended Articles