ඇවන්ට්ගාඩ්හි සේවය කිරීමට ඉන්දීය ජාතිකයන් පිරිසක් පැමිණෙයි


ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම නාවිකයන් පිරිස ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපළේ සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන්  දින සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට කොළඹ ලංකා හොස්ටල් රෝහලේ කාර්යය මණ්ඩලයක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති 



Recommended Articles