ඇල්ල රොක් සංචිතයේ ගින්නක්


ඇල්ල රොක් කන්ද  වන රක්ෂිතයේ අද (13) පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින හෙයින් ගින්න නිවා දැමීමට අපහසු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් අද (13) පස්වරුවේ මෙසේ ඇල්ල රොක් කන්දට ගිනිතබන්නට  ඇති බවත් පොලිසිය සැකකරයි.

සුලං සමග ගින්න වනරක්ෂිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර , ගින්න නිවා දැමීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් වනජීවි නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් , ආපදා නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එක්වී දැඩි වෙහෙසක් ගන්නා බවත් පැතිර යමින් පවතින ගින්න නිවා දැමීමට අපහසු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .

කදු බෑවුම් සහිත රක්ෂිතයේ මෙසේ ගින්න පැතිර යමින් පවතින අතර එම ස්ථානය ට ලගා වීමට අපහසු බවත් එහි ප්‍රකාශයකු කීය .

කෙසේ වෙතත් ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ වටිනා ගස්වර්ග, ඖෂධ වර්ග විනාශ වී  වන සතුන් රැසක් පිළිස්සී මියයන්නට ඇති බවත් වනජීවි කාර්යාලයේ නිලධාරී යකු  පැවසීය. මේ වනවිටත් රාවණාඇල්ල වන රක්ෂිතයේ ගින්න පවතින සුලං සමග සීග්‍රයෙන් පැතිර යමින් පවතී.

ඇල්ල ප්‍රසාද් රුක්මාල්



Recommended Articles