ඇල්පිටිය ප්‍රා සභාවට පොහොට්ටුව ඇප තියයි


ඇල්පිටිය  ප්‍රදේශීය සභා චන්දය සඳහා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා හමුවේ පසුගිය සිකුරාදා ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙසේ ඇප මුදල් තැන්පත් කළේය.මෙම අවස්ථාවට හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති  මොහාන් ද සිල්වා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

චන්දන සමරවික්‍රම



Recommended Articles