ඇමොක්සිලින් තොගයකට වැයකළ රුපියල් කෝටි 10 ක් වතුරේ


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව  මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ  හා තත්ත්ව පාලන අංශයේ නිර්දේශ නොසලකා ඉකුත් වසරේදී විදේශයකින්  මිලට ගත් ඇමොක්සිලින් ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9000 ක තොගයක් ගුණාත්මක බවින් අසමත්වීම නිසා ඒ සඳහා දරා තිබූ රුපියල් 104,844,337 ක මුදල අනාර්ථික පිරිවැයක් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ඉකුත් වසරේ අවශ්‍යතාවය වෙනුවෙන්වූ මෙම සමස්ත අමුද්‍රව්‍ය ප්‍රමාණය එකවර ආනයනය නොකර කිලෝ ග්‍රෑම් 25 ක් පමණක් සපයාගෙන සිදුකළ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය පරීක්ෂා කර ප්‍රගතිය සාර්ථකනම් ඉතිරි ප්‍රමාණය ආනයනය කරන ලෙසට සංස්ථාවේ තාක්ෂණික හා තත්ත්ව පාලන කමිටු මගින් නිර්දේශ කර තිබු බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්ධයෙන් ඉකුත් වසරට අදාලව විගණන කාර්යාලය නිකුත් කල විගණන වාර්තාවේ සඳහන් වේ.

එම නිර්දේශ නොසලකා ආනයනය කළ සමස්ත අමුද්‍රව්‍ය තොගය සමාලෝචිත විගණිත දිනය දක්වා මාස දහයක කාලයක් සංස්ථා පරිශ්‍රයේ නිෂ්ක්‍රීය ලෙස තිබීමෙන් ඒ සඳහා දැරූ වියදම අනාර්ථික වී ඇති බවද නියමිත පරීක්ෂාවලින් පසුව ගුණාත්මක බවින් ඉහල අමුද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කළයුතු බව  විගණනයෙන් පෙන්වා දෙයි.



Recommended Articles