ඇමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217ක් දිවයිනට


 ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා , ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට මෙසේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් 6/23 දින අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.

 



Recommended Articles