බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් තමන් ඉදිරියට කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දණ ගස්වා තිබෙන බවට තහවුරු කළ හැකි බව දමිල ජාතික මහජන පෙරමුණ පවසයි.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදී තම පිස්තොලය දෙමළ දේශපාලන සිරකරුවන් වෙත දිගු කරමින් මරණීය තර්ජන එල්ල කළ බවයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින බවත් දෙමළ දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තිබෙන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මෙසේ රඳවා සිටින ඇතැම් පුද්ගලයන් වසර දහයකට අධික කාලයක් රිමාන්ඩ් ගත කර ඇති බවත් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමක් හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මේ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් පසුගිය 12 දා මෙම සිදුවීම සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි.
එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.
(1) The TNPF can confirm that on the evening of the 12th of September the State Minister for Prisons has gone to the Anuradhapura prisons, summoned the #Tamil political prisoners and had got two of them to kneel in front of him. #lka
— Gajen Ponnambalam MP (@GGPonnambalam) September 14, 2021
We call on the government to immediately remove the State Minster for Prison Management and have him arrested and charged after an immediate inquiry for allegedly threatening to kill prisoners in Anuradhapura prison on Sunday 12th September
— TNAMedia (@TNAmediaoffice) September 14, 2021